මුලින්ම පොඩ්ඩක් හිතට තට්ටුකරල බලමුද, ඔයා අනාගතේ වෙන්නයන්නෙ මොකෙක්ද කියලා?? හෙහ් හෙහ් මේක පිස්සු කතාවක් කියල හිතනවනම් දෙවියන්ගෙ නාමෙන් මේක කියවන්නෙ නැතුව මතනින් යන්න කරුණාකරලා. එහෙම කිව්වට තරහ නෑනෙ?..... එළකිරි දැන් කතාවට බහිමු. මොකද කියන්නෙ මම අර ඉස්සෙල්ලම අහපු ප්රශ්නෙට උත්තරයක් තියෙනවද? මන් හිතන්නෙ උත්තර ගොඩක් ඇති ඔයාලට. ඒකත් ඉතින් නරකම නෑ....... හරි දැන්කියමු බලන්ඩ මොනවද ඒ කියල. හ්ම් දොස්තර කෙනෙක්? ඉන්ජිනේරුවරයෙක්? ඝණකාධීවරයෙක් එහෙමත් නැත්තම් පරිගණක ඉන්ජිනේරුවරයෙක්? එහෙමත් නැත්තම් ඔහේ පැත්ත්කටවෙලා ඉන්න කාලකන්නියෙක්???....... නෑ ස්මහර අයට තාමත් හිතගන්න බෑවගේ ඔය පේන්නෙ නැද්ද මූණෙන්ම හික්ස්.......
මේ ඔයාලකැමති එකෙක් වෙන්න අනේ ආයෙ මගෙ මොකෝ..... ලොලේ ලොල් කිව්වලු. නෑ නෑ විහිළුනෙමෙයි....... ඇත්තටමයි කියන්නෙ ඔයාල ඔයාට කැමති කෙනාවෙන්න නමුත් අම්මල තාත්තල කියනවට නෙමෙයි හිතට එකඟව ඔබ ඔබම වෙන්න. මම බණකියනව කියල හිතෙනවනම් තාමත් ඔයාට මෙතනින් යන්න පුලුවන් මම තරහ නෑ....... හෙහ් හෙහ්
කවුද දැන් සහතික බලාගෙන විභහග ලියල රස්සාවල් වලට යන අය.. ?? අනේ පවූ එහෙමත් ජීවිත හිකා.....ස් මට හිනා නතරකරගන්න බැරි තරමට. මම දැන්කියපු කතාව කියන්න හේතුව මගෙන් කෙනෙක් අහපු දෙයක් හන්දා. හා හා ඔන්න ආයිත් කතාවට..... මමනම් විභාගවල් අභාවල් කරගෙන නෑ කවදාවත්. මම දැකපු විදියට බ්ලොග් ලියන ගොඩක් කට්ටියට විභාග බරක්වෙලා බ්ලොග් ලියන්නන්ට විතරක් නෙමෙයි අද ලෝකෙ ගොඩක් දෙනාට එහෙමතමා. මම කියන්නෙ ඇත්තනෙමෙයිද ????? මම අද කොතනද? ඔන්න ප්රශ්ණයක්.......
හෙහ් හෙහ් විශ්වාස කරනවන්ම් විශ්වාසකරන්න අ.පො.ස ( උ.පෙළ ) න් එකම එක වවුලෙක් කූඩුවේ දාගෙන පාසලෙන් එළියට බැහැපු මම අදවෙනකොට උපාධ්දාරියන් කිහිප දෙනෙක්ම සම්මුඛපරීක්ෂණයට ලක්කරලත් ඉවරයි. හික්ස්.... තාම ඔයාල හනසු පෙට්ටියෙන් ගත්තු උපාධ් සහතික, උ.පෙළ සහතික සා.පෙළ සහතික අතේ තියගෙන පසුතැවෙනවද ?? අනේ ලොකයට වීඇති විපතක මහත දෙවියනේ....... මෙච්චර හොඳ මොලගෙඩිවලට ඇයි මෙහෙම වුනේ........ හොයල බලන්න වටින්නෙ නැද්ද ??
ස්මහරු කියනව ඇති මූ පණ්ඩිකතා කියවනව කියලා. මොලේ පැත්තකින් හිතන අයට එහෙම වෙන්න ඇති...... අයි යකුනේ තොපිලගෙ මොලවලට හෙණගහලද? ඇයිමේ තරඟයක් පස්සෙ දුවන්නේ. මම දන්නවා මේක උඹලගෙම වැරදි නෙමෙයි මේක මේ සමාජයේම වරද. එකෙක් මොනවහරි ඌට පුලුවන් උපරිම ඩම දාල දෙයක් කෙරුවොත් අපේ එවුන්ටත් ඉතින් නිකන් ඉන්න බෑ කොහොම හරි ඌගියතැනට යන්න ගේම දෙනවා. සමහරවිට හොඳින්හරි නරකින් හරි එතනට යන්න බලනවා. අන්න උඹලට වැරදුන තැන උඹලගෙ දෙමාපියන්ට වැරදුන තැන. (දෙමා පියන්ට වරදක්නම් වැඩිපුර කියන්න බෑ)
ඇයි ඇයි ඔයාලට බැරි අම්මල මේක කරපන් අරක කරපන් මෙහෙම කලොත් උඹට මෙතනට යන්න පුලුවන් කියන එක නවත්වන්න. ඇයි එයාලට බයද?? නෑ බය නෙමෙයි ඒකට කියන්නෙ කොන්ද පණනැතිකම කියල. හ හා ඉදගනින් නැග්ගද 110% හෝව් හොව් සන්සුන්වෙන්න. ඇත්ත පිළිගනිල්ලා ඔයාල දන්න්නවද ඔයාල එනකම් ඔයාලගෙ තැන ( ඔයාගෙ පුටුව ) බලගෙන ඉන්නවා. ඇයි පෙනි පෙනි වැරදිපාරෙ යන්නෙ. ඔයාලට පුලුවන් දේ විතරක් කරන්න. අහස අල්ලන්නට උඩ පැන්නට වැඩක් නෑනේද? උත්සහය හොඳයි නමුත් වැඩක් නැති දේවල් වලට උත්සහකරල කොහොමත්ම වැඩක් නැතිබවද දැනගන්න.
මේලොකේ හරි සුන්දරයි. ඔයාල ඒකහරියට දැකල විඳල තියෙනවද? ඔය ඔක්කොටම වඩා දැන් ඉන්න අයට ආදරේ ලොකුයිනෙ. වයසට කලින් එක එක මගුල් කරගන්න ගිහින් ඇණගත්තු අය අනන්තවත් දැකල ඇතිනේ. කීයෙන් කීදෙනාද ඔය ආදරේ කරපු පළවෙනිම කෙනාව බඳින්නෙ. හැමොම හිතන්නෙ මේකතමා ජීවිතේ මෙතනින් එහාට දෙයක් නෑ කියල. මොන පිස්සු කතාවක්ද එහෙම කියනවනම් ඉතින් කතාකරලත් වැඩක් නෑ. මම කොයිවෙලාවෙත් කියන්නෙ නෑ ආදරේ නරකයි කියලා. මොකදා මාත් හොඳට ඒක විඳපු කෙනෙක් හන්දා. ඔයාලට ආදරේ කරන්නෙ තමාගෙ කෙල්ල කොල්ල විතරක් නෙමෙයි කියන එක විතරක් හිතට ගන්න
ජයග්රහනය හඹායෑමෙන් වැඩක් නෑ හතිවැටෙන්නෙ අපිමයි අපි ඔක්කොමයි. හතිවැටිල හැරිල බැලුවම තිබ්බ දේවලුත් නැතිවෙල කියල පෙනෙයි. ඇයි ජයග්රහනයට අපිව හඹාගෙන එන්න දෙන්නෙ නැත්ත්තේ?? මොලේ තියන අය වශයෙන් ඔයාලට ඒක කරන්න බැරිද ?? එහෙන්ම් මේකත් අහගන්න ඇමරිකාවට බනින අය ඇති ඒත් එයාල දියුණුවුනේ කොහොමද කවුරුත් දන්නවද?? එතකොට බෝම්බ වැට්ච්ච ජපානය නැගිට්ටෙ කොහොමද ?? කොළඹ වගෙ හදන්න දියුණුකරන්න හිටපු සිංගප්පූරුව අද එතනට ආවේ කොහොමද ?? උත්තර තියෙනවද ?
කාටවත් බණින්න එපා, කාගෙන්වත් බැණුම් අහන්නවත් එපා..... තමන්ගෙ වැඩේ හරියට කරන්න. තමන් කරන ක්රියාවට ආදරේ කරන්න. හැමෝටම ආදරේ කරන්න. හැමට හිනාවෙන් සංග්රහ කරන්න. ලෝකය දිනන්නෙක් නොවී ලෝකය දිනවන්නෙක් වෙන්න. තමන්ට කැමතිවිදියට ජීවත් වෙන්න කාවත් වෙනස්කරන්න යන්න එපා. වෙනස අද්දකින උවමනා කෙනා අනිවා වෙනස්වෙනවා. එච්චරයි කියන්න තියෙන්නෙ. අදට බණ ඉවරයි..........
ඔබට සුභ..............
100% කතාව ඇත්ත...
ReplyDeleteබොහොම ස්තූත්යි අදහස් දැක්වුවාට :D.....
ReplyDeleteදෙමව්පියන්ගේ ආශිර්වාදය නැතිව මුකුත් කරලා වැඩක් නෑ. එ වගේම හිතන්න ඔයා ඔය සටහනේ යමක් අමතක කලා කියලාත්.... හොදට කල්පනා කරලා බලන්න...
ReplyDeleteඇත්ත නමුත් ඔයා කියන විදියට දෙමාපියන්ගෙ ආශ්රීවාදය එපා කියල මම කොතනකවත් කියල තියෙනවද?.....
ReplyDeleteමම අදහස් කරල තියෙන්නෙ මේ සමාජක්රමය වෙනස් කරන්න කියල නේද?.....
තවත් දෙයක් මම මෙකෙන් කියන්න හැදුවෙ අම්මල තාත්ලටම ඔනවිදියට ඉන්නෙ නැතුව තමන්ට එයාල පෙන්වන පාරටවඩා තමගෙ ජීවිතයට හරිපාරක් පෙනෙනවනම් ඒක පිලිපදින්න කියල විතරයි.
මම මුලින්ම කියල තියෙනවනෙ මම කියන කිසිම දෙයක් වැරදියට වටහගන්න එපා කියල.
ඔයාට මම කියන මේ දෙවල් ටිකත් තෙරුනේ නැත්තම් බලන්න හොඳ චිත්රපටයක් කියන්නම්. අර තුන් බූරුවන්ගෙ ( 3 idiots ) චිත්රපටය බලන්න :D
අනික තවදෙයක් තවපාරක් කඅමෙන්ටුවක් දානවනම් නමත් එක්කම පලකලානම් නේද හොඳ. ( බලකිරීමක් නෙමෙයි.... කැමතිනම් දාන්න )
ඉගෙනීම සහ විභාග වධයක් කරගන්නෙ නැතිව ඒක ආශාවක් කරගන්න එක හොඳයි(මම නම් විභාග වලට ඒ හැටි කැමැත්තක් නෑ). අවසානයේදී තමන් කරන දෙයින් තමන් තෘප්තිමත් වෙලා ඉන්න ඕනෙ කියල තමයි මමත් හිතන්නෙ.
ReplyDeleteකලින් කමෙන්ටුවක කියල තියනව වගේ ත්රී ඉඩියට්ස් චිත්රපටය මේ ගැන හොඳ දැක්මක් ඉදිරිපත් කරපු චිත්රපටයක්.
අන්න ඒකනේ කියන්නෙ රේවන්...... ඔයාටනම් මම කියපු එක තෙරිලා.
ReplyDeleteකවදාක්වත් ඉගෙනීම වදයක් කරගන්න නරකයි.තමන්ට ඉගෙනනීමෙ දුර්වලතා තියෙනවනම් ඒක නිවැරදි කරගැනීමයි හොඳ. අනික තමන්ටම තේරෙනවනම් එක එක ලොකුවිෂයන් ඉගෙන ගන්නෙ නැතුව තමන්ට පුලුවන් කියල හිතට එකඟව දැනෙන දේ කලානම් එච්චරයිනෙ.........
හැමොටම ඉන්ජිනෙරුවරු වෙන්න බෑ, දොස්තරලත් වෙන්න බෑ, එකක් තිය හැමොටම කසල සෝදකයො වෙන්නත් බෑ.
තමන්ට හැකිදේ පමණක් කලානම් ඒ හොඳටම ඇති මේ පුංචිරට දියුණුකරන්න.
කතාව ඇත්ත. පෝස්ට් එක හොදයි.
ReplyDeleteමමත් දෙමව්පියන්ගෙ කීමට කොමස් කලා. ඒත් මගෙ හැකියාව තිබුනෙ කලාවට.
ඉතින් මොකක්ද වුනේ...
කොමස් කරල කෙලවුනා....(මම පන්ති කට් කරපු එක වෙනම තැනක )
ආර්ට් කලානම් මොකක් හරි සහතිකයක්වත් ගන්න තිබුනා. : )
හැබැයි මම ඔය කිසි දේකට පසුතැවෙන්නෙනම් නෑ ඕ0....
එළ කොල්ලෙක් නේ........ අන්න හරි වැරදුන දෙයකටවත්, කවදාවත් ලැබෙන්නෙ නැති දෙයකටවත් පසු තැවිලනම් පලක් නෑ.....
ReplyDeleteඑදා මට A/L වැරදුනේ නැත්තම් අද මම මෙතන නෑ. ලද දෙයින් සතුටුවෙමු. හැමදාම නරකම විතරක් හම්බෙනවා කියල කාටද කියන්න පුලුවන්.
අපි දෙමාපියන්ට මේටික කියන්න උත්සහ කරන එකතමා වැදගත්. නැත්තම් හැමදාමත් වෙන්නෙ එකම දේ තමා.........
ඒකනම් එච්චර ලෙහෙසිවෙන එකක් නෑ. අපෙ අම්මලටනම් දැන් ඒක තේරිලාද කියල මට තාම ෂුවර් නෑ. අනිත් අය කෙසේවෙතත් අපෙ අම්මලගෙ සිතිවිලි මටනම් වෙනස් කරන්න බැරිවෙවි.
ReplyDeleteමමනම් දැන් ඒව වෙනස් කරන්න උත්සහ කරන්නෙත් නෑ. මගෙ පඩුවෙ වැඩක් කරගෙන ඉන්න තමයි ට්රයි කරන්නෙ.
හැබැයි කවදහරි දවසක මට පුලුවන් වුන දවසක මම ඒවා හිතන්නෙ නැතුව මගෙ අම්මලට මට පුලුවන් උපරිමයෙන්ම සලකනව. ඒක අපේ යුතුකම...!
නමුත් මම නම් ඔකේ අනික් පැත්ත..... ඒත් මටනම් අම්ම කවදාකවත් කියල නෑ උඹ මේක කරපන් අරක කරපන් කියල. සමහර වෙලාවට පොඩි කසුකුසු ගානව මගෙ ජොබ් එක ගැන
ReplyDelete( වෙන තැනකට යන්න එහෙම කියල ).
එත් අම්මා දන්නව මම හරිදේ කරන්නෙ කියල.
කොහොමත් ඒක එහෙම ලෙසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බන්. උඹ කියන කතාවට මම එකඟයි මචෝ. මම පෝස්ට් එකෙත් දාලතියනව වගේ කාවත් වෙනස් කරන්න යනේක වැඩක් වෙන එකක් නෑ.
නමුත් කවුරුහරි උත්සහ ගන්නවනම්, උදාහරණ එක්ක පෙන්නුවන්ම් තමන්ට මෙකතමයි කරන්න පුළුව කියල පොඩ්ඩහරි එයාලට තේරෙයි. එතනිදි එයාලට තේරුනොත් එයල ටිකහරි තමගෙ පුතාට දුවට අසාදාරණයක් කරල තියෙන්නෙ කියල අඩුමගානෙ වචනයක් හරි කියයි ඒ
එළකිරි මචන්. උඹේ අව0ක අදහසට මගේ ගෛරවය......!
ReplyDeleteඅපෙ අම්මලත් එහෙමටම කරදර නෑ..සමහර අවස්ථාවලදි තමයි ටිකක්.....
එක අතකට එහෙම නැතුවත් බෑ. මොකද මම වගේ පිස්සෙක් අත්හැරියොත් මොන කලක් යාවිද??? : D
ස්තූතියි මචෝ....... මාත් පිස්සු ඩයල් එකක් තම බන්ස්........ එළ එළ බලගෙන යත්දි එකපැත්තකින් අපි සමානයි වගේ නේ........... :D
ReplyDeleteඑළ මචන්.....
ReplyDeleteඋඹ මේක දිගටම කරගෙන යන්න...
මගේ full support එක දෙන්නම්... : )
මචන් ඕකට හොඳම උදාහරණය මගෙ හංසි. අනිවා තමන් කැමති දේ අම්මලගෙ ආශිර්වාදය ඇතුව කරනවානම් ඒක ජීවිතේ ලොකු ගමනක් යන්න හේතුවක් වේවි...
ReplyDeleteඑළ කොල්ලා...... කතාවට කටේ මසුරම් දාන්නවටිනව.
ReplyDeleteමම හිතාගෙන හිටියටවඩා දැන් ඉන්න කස්ටිය ටිකක් ඉස්සරටවඩා වෙනස්වෙලා වගේ :)