17 December 2010

අවසානයි........................

අදින් පස්සෙ මේ බ්ලොග් එක ලියන එක නවත්වනෝ.................
වැඩිය කියවන්න දෙයක් නැ.......... ඕල් ෆිනිෂ්ඩ්............
මෙච්චර කාලෙකට හරිහමන් මුකුත් ලියන්න බැරිවුනා........... ඒ ගැන සමාවෙන්න
මම නවතිනවා ටට්සි බායිzzzzzzz
එහෙනම් ඉතින් මගේම තැනක මගේම වැඩකින් හමුවෙමු..........

අලුත් ගියර් එකකට ෂිෆ්ට් කරලා, ඩ්‍රිෆ්ට් කරනගමන් ඩ්‍රැග් කරගෙන යන්න සෙට් වෙන්න..............

13 September 2010

දිනුමද ? පැරදුමද ? නැත්තම් ඒ දෙකම නෙමෙයිද ?

විසි කරපල්ලා...... ඉතින් ඈතටම විසිකරපල්ලා......
පොලේ ගහල තලලා දාපල්ලා..........
ඉතින් තවත් මොනවද බල ඉන්නෙ......
හපයක් කරල දාපල්ලා.......


අහ් ඒ පාර මෝඩ ආතල් එකක් ගන්න උඩ දාන්න හදන්නේ............
හරි හරි දාපල්ලා................... ඇති තරම් උඩ දම දමා බිමට අතෑරපල්ලා.............


හනේ හත්දෙවියනේ..... :'( ඒක ඉරි තලල ඒක ඉරිතලල යකුනේ ඒක ඉරි තලලා :'(
දැන් හරිද උඹලගෙ ආසාවා, දැන්වත් ඇතිද කියාපල්ලකො අනේ ප්ලීස්............ ඇතිද කියාපල්ලකො යකුනේ.......... ඇතිද කියා... ප.. ප. ල්. ලා..... ඉහික් ඉහික්.... :'(


අන්න, අන්න...... උඹලට ඇහෙනවද ඒකෙ සද්දේ..... ඇහෙනවද ඒකෙ දෝංකාර දෙන සද්දෙ..........


හහ් හහ් හා.............. උඹල පරාදයි යකුනේ..... උඹලා පරාදයි. කවදාවත් උඹලට දිනන්ට බෑ...... ඔව්, ඔව්, උඹලට දිනන්ට බෑ.......... මම විතරයි දිනන්නෙ හහ් හහ් හා...........


පරද්දපල්ලා,  පුලුවන්නම් පරද්දපල්ලා..... පරද්දල වට්ටලම දාපල්ලා...... හෙහ් හෙහ් හෙහ් මම ආයිත් නැගිටිනව බොලව්........ ඔව් මම ආයිත් නැගිටිනවා..............


හහ් හහ් හා....................... 


( හිතක් ඇති මිනිසුන්ට හිතන්නට යමක්  :) . මොලේ කචල් කලානම් සමාවෙන්ට.)


ඔබට සුභ...........  ~ මම ජේ.ඩී කොලුවා ~

04 September 2010

අලුත් ඇඳුමක්........

හායි මෙයාලා කොහොමද ඉතින්,
ගොඩක් කාලෙකින් මොනවත් දාන්නත් බැරිඋනා නේ...........


ඉතින් එන්න හිතුන මේ පැත්තෙ පොඩ්ඩක්. අයියෝ............. කාලෙකින් එනකොට මට හිතුනෙ එහෙමයි. මොකද දන්නවද ඒ මගේ බ්ලොග් එකේ අර මවුබාසවෙන් කියනව වගෙ ඇපියරන්ස් එකද මොකක්ද මන්ද කියන එක මට ඇල්ලුවෙම නෑ.


ඉතින් හිතුන කරන්න වැඩක්, ගත්ත හීන බලන සොෆ්ට්වෙයාර් එක ( Dreamweaver ) ගැහුවා කෝඩින් ටිකක් ඊටපස්සෙ ගියා ෆොටෝ සාප්පුවට ( Photoshop ). සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ජේ.ඩී කොලුවගෙ මොලේට පොඩි තට්ටුවක් දාල හදාගත්ත මට හොදයි කියල හිතෙන ෆෝටෝ කෑල්ලක්. ඔන්න් ඊටපස්සෙ දැම්ම කියමුකො ගූගල් පවුලෙ කට්ටිය එපා කියද්දි කියද්දි නොමිලේම දුන්න මගේ මේ බ්ලොග් රාජයට හික්ස්...........


ඔන්න දැන් ඔයාලට පේන්න තියෙනෙ ඒ බ්ලොග් රාජයගෙ අලුත් හැඩරුවතමා. මේක හරියට තාම මහල ඉවරවෙලා නෑ එත් ඉතින් කොහෙද මේකා මට ඉන්න දෙන එකක් යෑ. කංකෙඳිරි ගාන එකමයි වැඩේ. ඔහොම හිටු කියල ඔන්න ඇන්දුවා........  දැන් කස්ටියම කියන්ඩකො බලන්ඩ අලුත් අඳුම මෙයාට ගැලපෙනවද කියල. :)


අදට නවතිනවෝ.........
ඔබට සුභ.............



ප.ලි


මේ කෑල්ලත් මුලදි ලියනවද කියල හිතල ඊටපස්සෙ අතඇරියා...........


මේකේ මුල් පිටපත මටම අයිති වූවක් නොවේ...... 
මෙහි සැබෑ අයිති කරුගෙන් විමසා සියලුම වෙනස් කම් කර  ඇත ( තවත් වෙනස්කම් සිදු කරමින් පවතී )

16 July 2010

මුහුණු පොතෙන් සමුගතිමි.

කාලකන්ණියා නැමැති කාලය කාදැමීමට අධිපති යක්ෂයා ආරූඩවී සිටි හේතුවෙන් අධික ලෙස මුහුණු පොතට ඇබ්බැහිවී සිටියෙමි.
වැඩ රාජකාරි හා නව දේවල් සොයා යාමද එතනින්ම අහවර විය.

කොච්චර එළියට එන්න දැඟලුවත් හරිගියේම නෑ. හැමදාම එන්න හදනකොට මොකෙක් හරි පාත්වෙලා මොනාගැනහරි කියවන්න පටන්ගන්නවා......
ඒත් ඉතින් මගේ වාසනාවකට හෝ අවාසනාවකට පොඩි අදහසක් ආවා මේ ජේ.ඩී කොලුවගෙ පුංචිම පුංචි මොල ගෙඩියට.
ඇත්තටම ඒක මට එළියට එන්න ලොකු හේතුවක් උනා.
මුහුණු පොතේ දාපු විදියට කස්ටිය ටිකක් උනන්දුවෙන් හොයන්න ගත්ත හින්දායි මෙහෙම කියන්නේ. ඇත්තටම මුහුණු පොතෙන් එන්ඩ කාගෙවත් සිතුවිල්ලක් හෝ ක්‍රියාවක් බලපෑවේ නැහැ.

මම එළියට ආවේ යම් අරමුණක් ඇතුව.
අනික මම හැමෝටම පුංචි බලාපොරොත්තුවක් දීලයි ආවේ ආයිත් එනවා කියලා. මොනව උනත් මම ඒකනම් කඩ කරන්නේ නැහැ. හැමදාම මුහුණුපොතේදී ළඟින් හිටපු යාළුවො හිටපු නැති යාළුවො ඔක්කොම මට හැමදාම මතක් වේවි. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ නේ.

මාත් එක්ක කත කලේ නෑ කියල කිසිම පුදගලික තරහක් මට නෑ. මාත් එක්ක කතාකල හමොඉටම වචනෙකින් හරි මට උත්තර දෙන්න ලැබීම ගැන මට සතුටුයි :) . මටනම් හිතෙන්නේ මුහුණුපොත හරියාකාරව පාවිච්චි නොකිරීම හෙතුවෙන්තමා මට හැමදේම උනේ කියලා.

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියල කතාවකුත් තියෙනවනේ.......
.

මට අන්තිමට කියන්න තියෙන්නේ දැනට පිස්සුවෙන් වගේ මුහුණුපොතේ රිංගන් ඉන්න අය පොඩ්ඩක් ඒකෙන් එළියට ඇවිත් හිතල බලන්න තමන් කරන්නෙ මොකක්ද කියලා. වාසනාවක් තිබ්බොත් ඒක අනිවාර්යයෙන්ම තේරේවී :). අහ් තව දෙයක් කියන්න අමතක වුනා.... මුහුණු පොත කියන්නේ හරිම වැදගත් මෙවලමක්. අපි ඒක හරියට පරිහරණය කරනහැටි ඉගෙන ගත්තනම් ගොඩක් ප්‍රෂණවලට පිළිතුරු ලැබෙයි කියලා හිතනවා......

ඔබට ජය.........

ප.ලි :-

දැන් ඉතින් වෙලාව ටිකක් විතර ඉතුරු වෙයි බ්ලොග් ලිවීමේ රාජකාරිය සඳහා....... අපි බලමු මොක්ද වෙන්නෙ කියලා :)

20 June 2010

ජීවිතය නැමති ගණිතකර්මය :)

ඔන්න ඉඳල ඉඳල කාලෙකට පස්සෙ මහ පාන්දරින්ම පෝස්ට් එකක් දාල යන්න මේ පැත්තට සෙට් උනා.......

අධික වැඩ රාජකාරි හන්දයි,  මගේම කියල අලුත්ම සයිට් එකක් හදන හන්ද හෙල්ලෙන්නවත් විදිහක් නැතුව හිටියෙ.
මම මේක දාන්න කලින්නම් හසී පවුලෙ සාමජිකාවක් වන හසීට පොඩ්ඩක් මෙක ගැන ඉගියක් දීල තිබ්බ. ඉතින් මූණු පොතට යන හැමවෙලේම අහන හන්ද මෙන්න දැන් දානවා............

මෙච්චර ලොකුවට කිව්වට මේක මහ ලොකු දෙයක් නෙමෙයි. මගේ පුංචි මොලේට ආපු පුංචිම පුංචි අයිඩියාස් කෑල්ලක් හොඳේ..........

මෙන්න මෙහෙමයි............. මට හිතුනෙ.

ඔක උඩ කොටල ලොකු කොරල බලාගෙන බාගත්තට මම මුකුත් කියන්නෙ නෑ හික්ස්..


හිතිච්ච දේ රූප ටිකකට අමුනල පොඩි එඩිට් පාරක් දාල මෙන්න දැම්ම. තව එකක් කියන්න ඕනි මේක මේ මහ පාන්දරම දාන්න හිතුනෙ මේදවස්ටිකේදි ඔය හැම හැඟීමක්ම එකිනෙකට වෙනස් ලඟ ලඟ දවස් දැනිච්ච හන්දයි......

ඔන්න අන්තිමටත් හසීට ස්තූතිවන්ත වෙනවා මට පොස්ට් එකක් දාන්න කිය කිය උනන්දු කලාට :)
තැන්කූ ඈ........... :)

02 June 2010

මෙන්න වැඩක්............... :o

එලිවෙන මෙ පාන්දර ජන්ජාලෙ සැරිසරනකොට  අහම්බෙන් දකින්න ලැබිච්ච දෙයක් හින්ද දාන්නේ.........
මේක වෙල තියෙන්නේ මධ්‍යම අමෙරිකාවේ. මේකට හෙතු සාධක වෙලා තියෙන්නේ අගාතා කියන කුණාටුවයි.
ඉස්සෙල්ලම මේ ටික බලල ඉන්නකෝ.


පේනව නේද වෙලා තියෙන වින්නැහිය.... :(


31 May 2010

ඔබගේ උදව්ව අවෂ්‍යයවී තිබේ.........

මේ ආරංචිය වීඩියෝ ටුටෝරියල්ස් හදන්න පුලුවන් අයටයි ටුටොරියල්ස් ලියන්න පුලුවන් අයටයි..... ඇත්තම කිව්වොත් අර මම කලින් පෝස්ට් එකක කිව්ව වගේ  ( ලොකුම, ලොකුම, ලොකු පුංචි ආරංචියක්................ :D  )

ඒ වෙබ් අඩවියට සඳහා ඔයාලගෙන් පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන හින්දයි මෙහෙම කියන්නෙ. තනිකරම සිංහලෙන් ටුටොර්යල්ස් දානහින්දා මේවැඩෙ ටිකක් සංකීර්නවෙලා තියෙන්නෙ මේදවස්වල.
ඒකහින්දා පොඩි උදව්වක් ඉල්ලගන්න කියල හැදුවෙ.

කැමති ඕනෑම මාතෘකාවක් පිලිබඳව ටුටොරියල්ස් හදන්න පුලුවන් ඔයාලට.
ටුටෝරියල්ස් ඕන ගානක් දාන්න පුලුවන්.
ඒ දාන ඔක්කොම ටුටෝරියල්ස් ඔයාලගෙ නමින්ම පලකරනවා.
ඊට අමතරව බ්ලොග් ලියන්නෙක් නම් ඔයාලගෙ බ්ලොග් ලිපින හා තවත් ඔබ කැමති සබැඳුම් ( links ) පලකිරීමේ කිසිම තහන්චියක් නෑ.
ඔයාලා  කැමතිනම් ඔයාලගෙ පෝස්ට්වල අයිතිය හා උපුටාගැනීම්වල අයිතිය ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිනවා.

අන්තර්ජාලයේ දැනට වෙනත් බාෂාවලින් පලවෙලා තියෙන ටුටෝරියල්ස් උනත් සිංහලට හරවල පලකරන්න පුලුවන්.  නමුත් අපවෙත එවන සියලුම ටුටෝරියල්ස් දෙවන පරීක්ෂාවකට ලක්කරල තමයි වෙබ අඩවියේ පලකරන්නේ

මේ මහත් සමාජ සත්කරයට ඔයාලත් දායකවෙන්න කැමතිනම් මට ඊ තැපෑලක් එවන්නකෝ............

ඊ තැපැල් එවන්න මෙතනට කොටන්න

30 May 2010

ඕං රීං කට්ටු කට්ටු...............

ඉදල ඉදල ජේ.ඩී කොලුව අයිත් ආවා බ්ලොගේ මොනව හරි කොටල යන්න කියල........
හ්ම් මොනවද ලියන්නෙ කියල මේදවස් ටිකේම් කම්පනා කොරකොර හිටියෙ.

අහ් කියන්න බැරිඋනානේ මට ඊයේ පාන්දරම ඌබන්ටු ඔරිජිනල් තැටිය ගෙදරටම පාර්සල් කරල එවල තිබ්බා නොවෑ.....
අනේ ඒක එවපු ඌබන්ටු එකේ අයියලාට, අක්කලාට, මාමලාට හෝ නැන්දලාට පිං. ඔන්න ඉතින් හාහා පුරා කියල දෙවෙනි පාරටත් ඌබන්ටු 10.04 LST දාගත්ත ( කලින් RC එක දාල තිබ්බේ ).

මේ පාරනම් දෙවියන්ගෙන් ඉල්ලන්නෙ ගියපාරවගේ අලගෝණි පිටින් දෙන්න එපා කියලා.
දැන් ඉතින් වැඩේහරි මුලු හැන්දෑවරුවම ගතකරල ඔක්කොම මෘදුකාංග එහෙම දාගෙන සිංහල අකුරු ටිකත් දාගත්තා.

හම්මේ දැන් දැනෙන සතුට.
ඔන්න ඌබන්ටු එහෙම දාගන්න ආස කෙනෙක් ඉන්නවනම් මෙකෙන් ගිහින් ඔර්ඩර් පාරක්
https://login.launchpad.net/hzPMdFp65PP1XvDC/+decide

හරි මේකෙන් ගිහින් ISO එක හරි බාගන්න.
http://www.ubuntu.com/desktop/get-ubuntu/download

මෙන්න මගේ පරිගණක තිරය ( ඌබන්ටූ දැම්මට පස්සේ )  :D















ප/ලි : සමාවෙන්න LST යන්න LTS ලෙසවෙනස් විය යුතුයි

17 May 2010

ලොකුම, ලොකුම, ලොකු පුංචි ආරංචියක්................ :D

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ ජේ.ඩී කොල්ලා බ්ලොග පැත්තෙ රවුමක්දාලා යන්න ආවනොවෑ...........
පෙරුම් පුරගෙන හිටපු දෙයක් කරගන්න බැරිවෙච්ච එකතමා ලොකුමදුක. ඉහි ඉහි ඉහි........
ඇත්තම කිව්වොත් ඒක මේ...... ලොකු සීන්ස් එකක් නෙමෙයි හරිද.
ගියසුමානෙ 8ගිගා ( මාසෙම පාවිච්චියට තියෙන්නෙ ඔච්චරයිනෙ ) වලට මොකක් උනත් කමක් නෑ කියල ඌබන්ටු අලුත් සංස්කරණෙ බාන්න දැම්මා.

කොහොමෙන් කොහොමෙන් අලි ඕකත් බාගෙන සිංහල එහෙම දාගන්න අමර පිස්සුවක් කෙලලා ලිනක්ස් කතා පැත්තෙගිහින් ඒකෙ එවුන්වත් පොඩ්ඩක් මෝල්කරල එහෙම ( ජොලියට ),
ඒකත් දාගෙන කෑගහල මමත් දැන් නිදහස් කියන්න හැදුව විතරයි......... අලගොඩක් වුනානෙවෑ  මගේ පරිගණකේ.

අලවුනාකිව්වට අලවෙලාම ගියේනෑ හික්zzzzzzz. යන්තම් එදිනෙදා පාවිච්චි කරන්න පුලුවන්තරම් තත්වෙන් තියෙනවා. ඒත් දුක් සීන්ස් එකතමා අලුතෙන් දාගත්ත්තු මගේ ඌබන්ටු බබාට අසනීප වෙච්ච එක. අනේ දුකේ.......බෑ කොහොමෙන් කොහොමෙන්හරි දුකෙන්වුනත් ඌබන්ටු බබාව ටික දවසකට සිහිමුර්ජා කරන්න වුනානොවෑ.....

ශික් අධික වැඩරාජකාරි හන්දා අලුතින් ඌබන්ටු බබාවයි xපී යකාවයි දාගන්න තොවිලයක් හා ශාන්තිකර්මයක් කරන්න වෙලාවක් සෙට්වෙන්නෙ නෑනේ......
ඒත් කමක් නෑ මටනම් සතුටුවෙන්න එකදෙයක් තියෙනවා....... මටවඩා ඔයාල මේකෙන් සතුටුවෙයි කියල හිතනවා.......

ඔන්න ඉතාමත් ළඟ දවසකදී මරු වෙබ්ස්යිට් එකක් අන්තර්ජාලෙට මුදාහරින්න වැඩකටයුතු සූදානම් කරමින් ඉන්නේ. ඔයාල ඒකට ගොඩක් කැමතිවෙයි කියල හිතනව. මේකේ විශේෂත්වය තමයි හැමදෙයක්ම සිංහලෙන් භාවිතාකල හැකිවීම, චැට් පහසුකම්, ෆෝර්ම් පහසුකම්, ලියපදිංචිවීමේ පහසුකම්, ජාල අතර හුවමාරුකිරීම් කරගැනීමේ පහසුකම් ඇතුලු තවත් වැඩකෑලි ගොඩක් එක්ක හැඩවැඩ වෙලාම මේක එළියට එන එක.
මමනම් මේකතවත් හංගන් ඉන්න කැමතිනෑ නමුත් කරන්න දෙයක් නෑ දුකතමා පොඩ්ඩක් ඉවසන් ඉන්න වෙනවා

තාක්ෂණයට ආස අය, ඉගෙනගන්න ආස අය, පිස්සු නටන්න ආස අය, වැඩ පෙන්වන්න ආස අය........ එකතුවෙන්න ලෑස්තිවෙලා ඉන්න තව ටික දවසා......... යී................

ඔබට සුභ...............

01 May 2010

කැමති මාතෘකාවක් දාගන්න........

මුලින්ම පොඩ්ඩක් හිතට තට්ටුකරල බලමුද, ඔයා අනාගතේ වෙන්නයන්නෙ මොකෙක්ද කියලා?? හෙහ් හෙහ් මේක පිස්සු කතාවක් කියල හිතනවනම් දෙවියන්ගෙ නාමෙන් මේක කියවන්නෙ නැතුව මතනින් යන්න කරුණාකරලා. එහෙම කිව්වට තරහ නෑනෙ?..... එළකිරි දැන් කතාවට බහිමු. මොකද කියන්නෙ මම අර ඉස්සෙල්ලම අහපු ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවද? මන් හිතන්නෙ උත්තර ගොඩක් ඇති ඔයාලට. ඒකත් ඉතින් නරකම නෑ....... හරි දැන්කියමු බලන්ඩ මොනවද ඒ කියල. හ්ම් දොස්තර කෙනෙක්? ඉන්ජිනේරුවරයෙක්? ඝණකාධීවරයෙක් එහෙමත් නැත්තම් පරිගණක ඉන්ජිනේරුවරයෙක්? එහෙමත් නැත්තම් ඔහේ පැත්ත්කටවෙලා ඉන්න කාලකන්නියෙක්???....... නෑ ස්මහර අයට තාමත් හිතගන්න බෑවගේ ඔය පේන්නෙ නැද්ද මූණෙන්ම හික්ස්.......

මේ ඔයාලකැමති එකෙක් වෙන්න අනේ ආයෙ මගෙ මොකෝ..... ලොලේ ලොල් කිව්වලු. නෑ නෑ විහිළුනෙමෙයි....... ඇත්තටමයි කියන්නෙ ඔයාල ඔයාට කැමති කෙනාවෙන්න නමුත් අම්මල තාත්තල කියනවට නෙමෙයි හිතට එකඟව ඔබ ඔබම වෙන්න. මම බණකියනව කියල හිතෙනවනම් තාමත් ඔයාට මෙතනින් යන්න පුලුවන් මම තරහ නෑ....... හෙහ් හෙහ්

කවුද දැන් සහතික බලාගෙන විභහග ලියල රස්සාවල් වලට යන අය.. ?? අනේ පවූ එහෙමත් ජීවිත හිකා.....ස් මට හිනා නතරකරගන්න බැරි තරමට. මම දැන්කියපු කතාව කියන්න හේතුව මගෙන් කෙනෙක් අහපු දෙයක් හන්දා. හා හා ඔන්න ආයිත් කතාවට..... මමනම් විභාගවල් අභාවල් කරගෙන නෑ කවදාවත්. මම දැකපු විදියට බ්ලොග් ලියන ගොඩක් කට්ටියට විභාග බරක්වෙලා බ්ලොග් ලියන්නන්ට විතරක් නෙමෙයි අද ලෝකෙ ගොඩක් දෙනාට එහෙමතමා. මම කියන්නෙ ඇත්තනෙමෙයිද ????? මම අද කොතනද? ඔන්න ප්‍රශ්ණයක්.......
 
හෙහ් හෙහ් විශ්වාස කරනවන්ම් විශ්වාසකරන්න අ.පො.ස ( උ.පෙළ ) න් එකම එක වවුලෙක් කූඩුවේ දාගෙන පාසලෙන් එළියට බැහැපු මම අදවෙනකොට උපාධ්දාරියන් කිහිප දෙනෙක්ම සම්මුඛපරීක්ෂණයට ලක්කරලත් ඉවරයි. හික්ස්.... තාම ඔයාල හනසු පෙට්ටියෙන් ගත්තු උපාධ් සහතික, උ.පෙළ සහතික සා.පෙළ සහතික අතේ තියගෙන පසුතැවෙනවද ?? අනේ ලොකයට වීඇති විපතක මහත දෙවියනේ....... මෙච්චර හොඳ මොලගෙඩිවලට ඇයි මෙහෙම වුනේ........ හොයල බලන්න වටින්නෙ නැද්ද ??

ස්මහරු කියනව ඇති මූ පණ්ඩිකතා කියවනව කියලා. මොලේ පැත්තකින් හිතන අයට එහෙම වෙන්න ඇති...... අයි යකුනේ තොපිලගෙ මොලවලට හෙණගහලද? ඇයිමේ තරඟයක් පස්සෙ දුවන්නේ. මම දන්නවා මේක උඹලගෙම වැරදි නෙමෙයි මේක මේ සමාජයේම වරද. එකෙක් මොනවහරි ඌට පුලුවන් උපරිම ඩම දාල දෙයක් කෙරුවොත් අපේ එවුන්ටත් ඉතින් නිකන් ඉන්න බෑ කොහොම හරි ඌගියතැනට යන්න ගේම දෙනවා. සමහරවිට හොඳින්හරි නරකින් හරි එතනට යන්න බලනවා. අන්න උඹලට වැරදුන තැන උඹලගෙ දෙමාපියන්ට වැරදුන තැන. (දෙමා පියන්ට වරදක්නම් වැඩිපුර කියන්න බෑ)


ඇයි ඇයි ඔයාලට  බැරි අම්මල මේක කරපන් අරක කරපන් මෙහෙම කලොත් උඹට මෙතනට යන්න පුලුවන් කියන එක නවත්වන්න. ඇයි එයාලට බයද?? නෑ බය නෙමෙයි ඒකට කියන්නෙ කොන්ද පණනැතිකම කියල. හ හා ඉදගනින් නැග්ගද 110% හෝව් හොව් සන්සුන්වෙන්න. ඇත්ත පිළිගනිල්ලා ඔයාල දන්න්නවද ඔයාල එනකම් ඔයාලගෙ තැන ( ඔයාගෙ පුටුව ) බලගෙන ඉන්නවා. ඇයි පෙනි පෙනි වැරදිපාරෙ යන්නෙ. ඔයාලට පුලුවන් දේ විතරක් කරන්න. අහස අල්ලන්නට උඩ පැන්නට වැඩක් නෑනේද? උත්සහය හොඳයි නමුත් වැඩක් නැති දේවල් වලට උත්සහකරල කොහොමත්ම වැඩක් නැතිබවද දැනගන්න.


මේලොකේ හරි සුන්දරයි. ඔයාල ඒකහරියට දැකල විඳල තියෙනවද? ඔය ඔක්කොටම වඩා දැන් ඉන්න අයට ආදරේ ලොකුයිනෙ. වයසට කලින් එක එක මගුල් කරගන්න ගිහින් ඇණගත්තු අය අනන්තවත් දැකල ඇතිනේ. කීයෙන් කීදෙනාද ඔය ආදරේ කරපු පළවෙනිම කෙනාව බඳින්නෙ. හැමොම හිතන්නෙ මේකතමා ජීවිතේ මෙතනින් එහාට දෙයක් නෑ කියල. මොන පිස්සු කතාවක්ද එහෙම කියනවනම් ඉතින් කතාකරලත් වැඩක් නෑ. මම කොයිවෙලාවෙත් කියන්නෙ නෑ ආදරේ නරකයි කියලා. මොකදා මාත් හොඳට ඒක විඳපු කෙනෙක් හන්දා. ඔයාලට ආදරේ කරන්නෙ තමාගෙ කෙල්ල කොල්ල විතරක් නෙමෙයි කියන එක විතරක් හිතට ගන්න


ජයග්‍රහනය හඹායෑමෙන් වැඩක් නෑ හතිවැටෙන්නෙ අපිමයි අපි ඔක්කොමයි. හතිවැටිල හැරිල බැලුවම තිබ්බ දේවලුත් නැතිවෙල කියල පෙනෙයි. ඇයි ජයග්‍රහනයට අපිව හඹාගෙන එන්න දෙන්නෙ නැත්ත්තේ?? මොලේ තියන අය වශයෙන් ඔයාලට ඒක කරන්න බැරිද ?? එහෙන්ම් මේකත් අහගන්න ඇමරිකාවට බනින අය ඇති ඒත් එයාල දියුණුවුනේ කොහොමද කවුරුත් දන්නවද?? එතකොට බෝම්බ වැට්ච්ච ජපානය නැගිට්ටෙ කොහොමද ?? කොළඹ වගෙ හදන්න දියුණුකරන්න හිටපු සිංගප්පූරුව අද එතනට ආවේ කොහොමද ?? උත්තර තියෙනවද ?

කාටවත් බණින්න එපා, කාගෙන්වත් බැණුම් අහන්නවත් එපා..... තමන්ගෙ වැඩේ හරියට කරන්න. තමන් කරන ක්‍රියාවට ආදරේ කරන්න. හැමෝටම ආදරේ කරන්න. හැමට හිනාවෙන් සංග්‍රහ කරන්න. ලෝකය දිනන්නෙක් නොවී ලෝකය දිනවන්නෙක් වෙන්න. තමන්ට කැමතිවිදියට ජීවත් වෙන්න කාවත් වෙනස්කරන්න යන්න එපා. වෙනස අද්දකින උවමනා කෙනා අනිවා වෙනස්වෙනවා. එච්චරයි කියන්න තියෙන්නෙ. අදට බණ ඉවරයි..........

ඔබට සුභ..............