23 January 2010

අලුතින් එන InzuNet International එකෙ ව්‍යපෘති

අද මාරම කම්මැලි දවසක් කරන්න දෙයකුත් නැහැ.ඔන්න ඉතින් මගේ BLOG එක ලියන්න කියලවත් බැලුවා.කල්පනා කර කර ඉන්නකොට මතක්වුනා අපේ OFFICE එකෙන් කරන්න යන ව්‍යපෘති ටිකක් ගැන කියන්න.

අපි දැන් බලමු මොනවද මේව කියලා

(01)පලමුවැන්න



මේක තමා මරුම වැඩේ. අපි රේඩියෝ විකාශයක් දියත් කරනවා අන්තර්ජාලය හරහා. මේක සාමන්‍ය රේඩියෝ විකාශයකට වඩා වෙනස් එකක්. මොකද දන්නවද ? අපි මේකෙදි මේක අහගෙන ඉන්න අයටත් එයාලගෙ ගෙදර ඉදගෙනම රේඩියො විකාශයට සම්බන්ධවෙලා එයාලට එයාලගෙ සින්දු, කවි, කතා ඉදිරිපත් කරන්න අවස්තාව සලසනවා. තව එකක් තියෙනවා, අපි එකවර ලංකාවෙ ඉන්න DJ ලා කිහිප දෙනෙක් එකවර සම්බන්ධ කරනවා. අපි මේකෙ පරීක්ෂණ විකාශයක් දියත්කලා ගිය අවුරුත්දෙදි. අපිත් එක්ක එකතුවෙලා හිටපු අයට මතක ඇති. ළඟදිම මේකෙ දෙවනි සංස්කරණයත් එලි දක්වනවා. තව ටික දවසයි..............

(02)දෙවැන්න



ලංකාවේ ඉන්නවා ගොඩක් ENGLISH දන්නෙනැති අය. ඉතින් VIDEO TUTORIAL එකක්වත් එයාලට හරියට තේරුම්ගන්න බැහැ. නමුත් එයාල අදක්ෂ අයනෙමෙයි. ඉතින් අපි කල්පනාකලා එයාලටත් ලෝකෙට අලුතින් එන සහ එයාලට තමන්ගෙම කියලා අලුත් නිර්මාණ බිහිකරන උදවු වෙන්න. ඔන්න ඉතින් අපි ඒකට විසඳුමක් හැදුවා. ඒකතම අපේ පංතිය කියන්නෙ. ඔයාලටත් ඔයාල කැමති දෙයක් සිංහලෙන් ලංකාවෙ අයට උගන්වන්න අපි අවස්ථාව සලසනව. ඔයාලත් සූදානම්ද ? .........................

2 comments:

  1. බොහොම ස්තූතියි මචංග්.......................

    ReplyDelete