04 September 2010

අලුත් ඇඳුමක්........

හායි මෙයාලා කොහොමද ඉතින්,
ගොඩක් කාලෙකින් මොනවත් දාන්නත් බැරිඋනා නේ...........


ඉතින් එන්න හිතුන මේ පැත්තෙ පොඩ්ඩක්. අයියෝ............. කාලෙකින් එනකොට මට හිතුනෙ එහෙමයි. මොකද දන්නවද ඒ මගේ බ්ලොග් එකේ අර මවුබාසවෙන් කියනව වගෙ ඇපියරන්ස් එකද මොකක්ද මන්ද කියන එක මට ඇල්ලුවෙම නෑ.


ඉතින් හිතුන කරන්න වැඩක්, ගත්ත හීන බලන සොෆ්ට්වෙයාර් එක ( Dreamweaver ) ගැහුවා කෝඩින් ටිකක් ඊටපස්සෙ ගියා ෆොටෝ සාප්පුවට ( Photoshop ). සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ජේ.ඩී කොලුවගෙ මොලේට පොඩි තට්ටුවක් දාල හදාගත්ත මට හොදයි කියල හිතෙන ෆෝටෝ කෑල්ලක්. ඔන්න් ඊටපස්සෙ දැම්ම කියමුකො ගූගල් පවුලෙ කට්ටිය එපා කියද්දි කියද්දි නොමිලේම දුන්න මගේ මේ බ්ලොග් රාජයට හික්ස්...........


ඔන්න දැන් ඔයාලට පේන්න තියෙනෙ ඒ බ්ලොග් රාජයගෙ අලුත් හැඩරුවතමා. මේක හරියට තාම මහල ඉවරවෙලා නෑ එත් ඉතින් කොහෙද මේකා මට ඉන්න දෙන එකක් යෑ. කංකෙඳිරි ගාන එකමයි වැඩේ. ඔහොම හිටු කියල ඔන්න ඇන්දුවා........  දැන් කස්ටියම කියන්ඩකො බලන්ඩ අලුත් අඳුම මෙයාට ගැලපෙනවද කියල. :)


අදට නවතිනවෝ.........
ඔබට සුභ.............



ප.ලි


මේ කෑල්ලත් මුලදි ලියනවද කියල හිතල ඊටපස්සෙ අතඇරියා...........


මේකේ මුල් පිටපත මටම අයිති වූවක් නොවේ...... 
මෙහි සැබෑ අයිති කරුගෙන් විමසා සියලුම වෙනස් කම් කර  ඇත ( තවත් වෙනස්කම් සිදු කරමින් පවතී )

8 comments:

  1. තීම් එකට මම මඥඥං වුනා....පට්ට පට්ට...හැබැයි අනිත් අය කැමති වෙයිද දන්නේ....පොඩ්ඩක් අහල බලන්නකෝ.....
    දිගටම ලියන්න......

    ReplyDelete
  2. එළ එළ තැන්කූ හසියෝ.............. ඔන්න දැන්ම අවුල හදන්නයි යන්නෙ....... මාත් හිතුවා ඔහොමවෙයිද දන්නෙනෑ කියල බලන කස්ටියට :)

    ReplyDelete
  3. අඩේ බොලු කියන්න එපා බන් ... ඉස්සුවා නේද මේක bttemplate වලින්.. හික්ස් , හොරපප්පා.. පස්සේ background එක වෙනස් කලානේ ... ඒක නම් චෝයි ,,, මාත් මේක දාගෙන හිටියා කාලයක් ... , මොනා වුනත් අලුත් ඇඳුම මරුම ලස්සහනයි ... අලි ආසයි අනේ මේකට ...

    ReplyDelete
  4. ඔය ති‍යෙන්‍නේ මරුවට.............

    මාර ලස්සනයි.......... කියන්න වචන නෑ...........
    අපූරුයි......

    ReplyDelete
  5. @ Unknown_User/හිඟන්නා

    හික් හික් හික් නෑ ඒකෙන් නෙමේ ගත්තේ......... මම කොහෙවත් කියල නෑනෙ මේක බාපු එකක් නෙම්යි කියල. අනික මේකෙ පසුබිම විතරක් නෙමෙයි මචෝ ගොඩක් ඒවා වෙනස්කරල තියෙන්නේ. ඒවා එළියට පේන එව්ව නෙමෙයි ලොල්. ඕනෙනම් මම කෝඩින් එක පබ්ලිෂ් කරන්නම්........ :)

    ReplyDelete
  6. එළ එළ ඔහොම අදහස් දක්වගෙන යමු කස්ටියම...... දැනට අදහස් දැක්වූ හසියා, හිඟන්නා & හා පැටික්කි යන සියලුම දෙනාට තුති :D

    ReplyDelete
  7. ආ කාලෙකට පස්සේ කොහොමද ඉතින්.නියමයි සහෝ අළුත් ඇදුම නම් :D

    ReplyDelete
  8. හිහ් හිහ් තැන්කූ තැන්කූ කෙලි හසියෝ............

    ReplyDelete